BREAKING NEWS
Search

රාජ්‍ය සේවක වැටුප් වහා වැඩි කරන්න – වෙන් කල මුදල් කෝ ? – රනිල්ගෙන් ප්‍රකාශයක්

273

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදී ය.

තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බවත් අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කෙරුණු මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළයුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

වෙනත් පුවත්

මාතර වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවෙක් කොටුවෙයි

මාතර – රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) සවස් කාලයේ කැස්බෑව ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව මාතර පොලිස් ස්ථානයට භාරදී තිබුණි.

සැකකරු 34 හැවිරිදි ගෝනමඩිත්ත පාර, කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනුව මනුෂ්‍ය ඝාතනය සඳහා යොදාගන්නා ලද බවට සැකකරන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හා එම පතරොම් 13ක් ද කාර් රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *