BREAKING NEWS
Search

රුසියානු තානාපති කාර්යාලයෙනුත් අනතුරු ඇඟවීමක්

326

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින් ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් එමගින් රුසියානු ජාතිකයින්ට දැනුම්දී තිබුණි.

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදනයක් නිකුත්කර ඇති බවද X පණිවුඩයක් නිකුත්කරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ද ශ්‍රී ලංකාව සඳහා නිකුත්කර තිබු සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබුණි.

ඔවුන් පවසා ඇත්තේ කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිකුත්කර තිබූ සංචාරක උපදේශනය මත පදනම්ව ඔවුන් එම පියවර ගත් බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *