පුවක් හොරකමක් සම්බන්ධයෙන් ඇතිවූ කෝපයක් මත නිවසක නිදා සිටි තරුණයෙකු නිදි යහනේම ගිනි තබා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.
මෙලෙස පිළිසී මිය ගොස් ඇත්තේ ඌරු බොක්ක ඛෙරලපනාතර පදිංචි. නිලන්ත කුමාර (32) නැමැති පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා රාත්‍රියේ සිය නිවසේ පියන් සවි නොකළ ජනේලය අසල ඇඳක් තබාගෙන නිදාගෙන සිටියදී පැමිණි කිහිප දෙනෙකු විසින් නිදා සිටි තරුණයා දෙසට භූමි තෙල්වක්කොට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙනත් පුවත්
ගුවනින් ආ මත්ද්‍රව්‍ය
ගුවන් තැපැල් මගින් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන්තොටුපොළ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.
විදේශ රටවල් කිහිපයක සිට ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් රැගෙන එන ලද සැකකටයුතු පාර්සල් කිහිපයක් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වෙත කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි ගුවන් තැපැල් ආයතනයක් මගින් සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර තිබුණි.
එහිදී පාර්සල් 07ක තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය හමුවූ බව පොලීසිය පැවසීය.
එම පාර්සල්වල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07 ග්‍රෑම් 21ක්, මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 338ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 143ක් හමුවී ඇත.
මෙම මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















