BREAKING NEWS
Search

අනවසර විදුලි රැහැනක් ඇද හඳුන් දිවියෙක් ඝාතනය කර වල දාලා

162

අනවසරෙන් විදුලි රැහනක් ඇද තේ වත්තේ සැරිසැරු හදුන් දිවියෙකු ඝාතනය කර වල දමා තිබියදි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව හදුන් දිවියාගේ සිරුර අද (22) දින ගොඩගෙන තිබෙයි.

හැටන් ඇබොස්ලි වතුයායේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ විශාල එලවළු වත්තකට අනවසරෙන් විදුලිය රැහන් ඇද තිබියදි හදුන් දිවියා ඊයේ (21) එම විදුලි රැහැනේ පැටලි මියගොස් තිබෙයි.

එම එළවළු වත්තේ හිමිකරු විසින් මියගිය හදුන් දිවියාගේ සිරුර නිවස අසල පිහිටි වත්තේ ඉඩමක වල දැමිමට කටයුතු කර ඇත.

සැකකරු එළුවන් සහ කුකුල් ගොවිපොලක් පවත්වාගෙන යන බවත්, හදුන් දිවියා කුකුල් දඩයම් කිරිම සදහා පැමිණෙන නිසා හදුන් දිවියාගෙන් කුකුලන් සහ එළුවන් බේරාගැනිමට සැකකරු වගා භුමියේ විදුලි රැහන් ඇද ඇති බවට වනජිවි නිලධාරින් සැකකරයි.

අවු 04 ක් පමණ වයසැති හදුන් දිවියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බවත්, සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වනජිවි නිලධාරින් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *