BREAKING NEWS
Search

පානදුර පුද්ගල ඝාතනය ගැන සී සී ටීවි හෝඩුවාවක්

195

පානදුර, මිනුවන්පිටිය, ගජබා පාරේ පිහිටි නිවසකට ඇතුළු වී නිවෙස් හිමියා ඝාතනය කිරීමේ සිද්ධිය සැකකරුවන් දෙදෙනෙකු විසින් සිදු කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

පානදුර – දකුණ පොලිසිය සදහන් කළේ, නිවස ආසන්නයේ තිබූ සී සී ටීවි කැමරාවක දර්ශන මගින් මෙම අනාවරණය සිදු කරගත් බවයි.

77 හැවිරිදි මෙම පුද්ගලයා බිරිඳ නිවසේ නොසිටි අවස්ථාවේදී ඊයේ (21) ඝාතනය කර තිබූ අතර සිරුර නිවස පිටුපස කෙසෙල් පඳුරක් යට සඟවා තිබියදී පොලිසිය විසින් අද(22) සොයාගෙන තිබුණේ, බිරිද විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

නිවසේ රූපවාහිනී යන්ත්‍රය සහ ගැස් සිලින්ඩරය ද ඝාතකයින් විසින් සොරාගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

වෙනත් පුවත්

හදිසි ගංවතුර සහනාධාර ලෙස චීනයෙන් ලංකාවට රුපියල් මිලියන 30ක්

පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) විසින් එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.

විපතට පත් වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉදිරියේ දී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි අවස්ථාවලට මුහුණ දීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම් සහ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *