මගී බස් 2ක් මුහුණට මුහුණ ගැටෙයි – 28ක් රෝහලේ

1170

අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල මෙම අනතුර සිදුවී ඇත.

තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

photos : accidentst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *