BREAKING NEWS
Search

දුම්රිය පරණ යකඩ වලට කරන්න යන දේ

425

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂිකව අබලි ලෝහ විශාල ප්‍රමාණයක් එකතු වන අතර දැනට එකතු වී පවතින අබලි ලෝහ තොගය ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් බැහැර කිරීම සඳහා 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එහෙත් දේශීය කර්මාන්ත කරුවන්ගේ අමුද්‍රව්‍ය හිඟය සඳහා විසඳුමක් ලෙස ඔවුන්ට ද තරඟකාරී පදනම මත මිල ගණන් ඉදිරිපත් කර අබලි ලෝහ ද්‍රව්‍ය මිල දී ගැනීමට හැකි වන පරිදි ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ අනුව කටයුතු කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *