පොල් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රු.180 ත් 200 ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයින් පවසනවා..
එමෙන්ම කොළඹ ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රු.160ත් 200ත් අතර මිලකට අලෙවි කෙරෙනවා..
මේ අතර තරමක කුඩා පොල් ගෙඩියක් රු.120ත් 150 ත් අතර මිලකට අලෙවි වන බවයි ඔවුන් පවසන්නේ..
අධික පොල් මිල අතර වෙළඳපොලේ පොල් හිඟයක් පවතින බවද වාර්තා වනවා..
ඒ අනූව පොල් ගෙඩියක් රු.80ත් 100ත් අතර තොග මිලකට වෙළෙඳුන් විසින් මිලදී ගන්නා බවයි පොල් වගාකරුවන් පවසන්නේ..
මහින්ද වාහන තුනක් බාරදෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාවිච්චි කළ වාහන තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට අද (21) භාර දුන්නේය.
කැබ් රථයක් වෑන් රථයක් සහ ගිලන් රථයක් මෙසේ භාරදී ඇත.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාවිච්චි කරන අතිරික්ත වාහන නැවත බාරදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබිණ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෝ මෙම වාහන පාවිච්චි කළහ.



















