BREAKING NEWS
Search

දමිතා වෙනත් පක්ෂයකට

552

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී ඇත.

ලියුම් පෙට්ටිය ලකුණ සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇය එක් වූ නවතම පක්ෂයයි.

මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කිරීමට නාමයෝජනා ලැබී තිබූ ඇයට අවසන් මොහොතේ එය නොලැබීම නිසා සිත් තැවුලට පත්ව සිටියාය.

ඒ නිසාම එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඇය ඉවත් වූ බවද සඳහන් කරයි.

වෙනත් පුවත්

මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහයක් ඉදිරිපත්ව තිබූ බව මැතිවරණ කොමිසම සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මේ අනුව පිළිගෙන ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ තිස් අටදහස් පනහකි.

තැපැල් ඡන්ද භාර ගැනීමේ කටයුතු මේ වන විට අවසන් ව ඇතැයි කොමිසම පවසයි.

ඡන්ද විමසීම සඳහා  ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 23  ආරම්භ කරන බව  කොමිසම සඳහන් කරයි.

මේ අතර අපේක්ෂකයන් සඳහා ගුවන් කාලය වෙන් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හෙට (22)සිදුකිරීමට නියමිතය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *