මේ අය නොවැම්බර් 30 ට පෙර ඉදිරිපත් කළ යුතුයි. පඩියට වැදෙන බදු මෙන්න

812
දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.

එමෙන්ම වාර්ෂික අදායම හෝ ලාභය රුපියල් ලක්ෂ 12ට අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නොමැති බවත්, දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසලකා හැරිය හැකි බවටද එම නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් තමාගේ ආදායම ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගත ක්‍රමය භාවිත කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවයි එහි දක්වා ඇත්තේ.

ඒ අනුව, නොවැම්බර් 30 වනදාට පෙර 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් ඒවා මාර්ගගතව ඉදිරිපත් තළ යුතුයි.

මේ අතර 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගල සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 534,696 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය පෙර තක්සේරු වර්ෂයේදී 333,013 ක් ලෙස සටහන් ව තිබුණා.

මෙම වසරේදී එය 868,009 ක් ලෙස දැක්වෙන බව එහි සඳහන් කර තිබෙනවා



Leave a Reply

Your email address will not be published. Required fields are marked *