BREAKING NEWS
Search

BMW හොරකම ගැන ප්‍රකාශයක් ගන්න CIDට කැඳවූ ජොනී අතුරුදහන්… නිවස, රැඳි සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළත් සොයා ගන්න බෑ ලු

340

කොළඹ හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබිය දී හමු වූ  ලියාපදිංචි නොකළ බීඑම්ඩබ්ලියු රථය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්න ද මෙතෙක් පැමිණ නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මෝටර් රථය සම්බන්ධ ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා යැවූ විට තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනුම් දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැත.

ඒ අනුව අසනීපයෙන් සිටින ජොන්ස්ටන් හමුවී ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරික්ෂණ කණ්ඩායම් කීපයක් ඔහු සොයා කළ මෙහෙයුම්වලදී ඔහු පිළිබඳ කිසිම තොරතුරක් සොයා ගත නොහැකි වූ බවට විමර්ශන අංශ පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු පදිංචි වී සිටින නිවස, රැඳි සිටින ස්ථාන සියල්ල පරීක්ෂා කළත් එම ස්ථානවල ඔහු නොසිටි බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

වෙනත් වාහනයකින් හොරකම් කරන ලද ගරාජ් අංකයක් සවිකර නීති විරෝධීව එකලස්කර තිබූ බවට සැක කරන මෙම බීඑම්ඩබ්ලියු රථය ජනාධිපතිවරණයට දින කීපයකට පෙර හිල්ටන් හෝටලයේ රථ ගාලේ දමා ගොස් තිබිය දී හමුවී තිබිණි.

 

 දිනමිණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *