BREAKING NEWS
Search

මරණයකින් කෙලවර වූ සාදය

252

කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව තඹලගමුව පොලිසිය කියයි.

මෙසේ ඝාතනය වූයේ තඹලගමුව, කෝවිල් අඩි ප්‍රදේශයේ පදිංචි කන්දසාමි පෙරිම්බරාජා (37) නැමැති එක්දරු පියකි.

ඝාතනය වූ අයගේ බිරිඳ විදෙස් ගත වී සිටින අතර එකම දරුවා බිරිඳගේ මව පදිංචි ආලංකේනි ප්‍රදේශයේ ජීවත්වේ. බහින් බස්වීමේදී මිය ගිය අයට පහර දුන් දෙදෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මුහුදේ නාන්න ගිය තරුණයා ගිලී මරුට

කළුතර උතුර කුඩාවස්කඩුව ප්‍රදේශයේ මුහුදේ විනෝදයට දිය නෑමට ගිය තරුණයෙකු මුහුදෙ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ඔහුගේ මළසිරුර අද (18) දින, වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇතු බව කළුතර උතුර පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මොරොන්තුඩුව ප්‍රදේශයේ හෝටලයක කොත්තු බාස්වරයෙකු ලෙස සේවය කරන බාග්‍යවන් සෙල්වනායගම් නැමැති විසිහය හැවිරිදි විවාහකයකු බවත්, ඔහු නුවරඑළියෙ ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් පොලීසිය පැවසීය.

අතුරුදන් තරුණයා පොහොය දින (17) නිවාඩු දිනයක් බැවින් , මිතුරන් සමග කුඩාවස්කඩුව මුහුදු වෙරළට පැමින දිය නෑමට ගොස් අතර එක්වරම ඔහු රළ පහරට හසුව නොපෙනි ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *