BREAKING NEWS
Search

ජනාධිපති වැලිකඩ බන්ධනාගාරයට ආවේ නෑ – බන්ධනාගාරයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක්

300

ජනාධිපතිවරයා විසින් වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය නිරීක්ෂණයට ලක් කළ බවට කරුණු දක්වමින් සමාජ මාධ්‍යයේ පැතිර යන පුවත අසත්‍යයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ වන විට පැමිණිළි කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසා සිටියා.

ජනාධිපතිවරයා මෑත කාලයේ වැලිකඩ බන්ධනාගාරය හෝ වෙනත් කිසිදු බන්ධනාගාරයක නිරීක්ෂණ සංචාරයක් සිදුකර නොමැති බව ද ඔහු කියා සිටියා.

බන්ධනාගාර තුළ පටිගත කිරීමක් හෝ දර්ශන ලබාගන්නේ නම් ඒ සඳහා බන්ධනාගාර මූලස්ථානය මගින් විශේෂ අවසරයක් ලබාගත යුතුයි.

මෙම සිද්ධියට අදාලව වීඩියෝ දර්ශන ලබාගැනීමට කිසිදු මාධ්‍ය ආයතනයක් මගින් අවසර ලබාගෙන නොමැති අතර, රූගත කිරීමක්ද සිදුව නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *