BREAKING NEWS
Search

දුම්රියකට අලි කරදරයක් – දෙදෙනෙක් මරුට

359
හිඟුරක්ගොඩදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්ධන ටැංකි තුනක් සහ අනෙකුත් මැදිරි සමඟ එන්ජිම පීලි පැන මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අනතුර හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

වෙනත් පුවත්

රාජගිරියේ නිවසක අවිගත් පිරිසක් රැදී සිටින බවට පැමිණිල්ලක්

අවිගත් පිරිසක් බලහත්කාරයෙන් රාජගිරිය ගල්පොත්ත ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට ලද පැමිණිල්ලක් අනුව වැලිකඩ පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (16) රාත්‍රියේ එම නිවසට ගොස් පරීක්ෂාවක නිරත වුණා.

කෙසේ වෙතත් එහිදී කිසිදු නීතිවීරෝධි ක්‍රියාවක් පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය මතුව ඇත්තේ නිවසක හිමිකාරීත්වය පදනම්කරගෙන වන අතර, නිවෙස් හිමියන් චෝදනා කරන්නේ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක සිය නිවස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ නිවස තමන්ට අයිති බව පවසමින් හිටපු නගරාධිපති ජනක රණවක ද පොලිසියට පැමිණිලි කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *