ඉදිරි මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන්ට වාසිදායක වෙන ලෙස ජ්‍යොතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම සියලුම ජ්‍යොතිෂ්‍යවේදීන්ගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙසේ අනාවැකි ප්‍රසිද්ධ කිරීම මැතිවරණ නීතිය අනුව බරපතළ වරදක් බව මැතිවරණ කොමිසම කියයි.
එසේ අනාවැකි ප්‍රසිද්ධ කරන උදවියට එරෙහිව නඩු පවරන බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.
නෝමන් පලිහවඩන
වෙනත් පුවත්
ආශිර්වාද මැද දිලිත් මැතිවරණ සටන අරඹයි
සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකත්ව අංක හිමිවීමෙන් පසු පළමුවරට අද (17) ගම්පහ දිස්ත්‍රික්තයේ මහාසංඝරත්නය බැහැදුටුවේය.
ඒ සඳහා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන්ද එක්ව සිටියේය.
සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර සහ සර්වජන බලය එම දිස්ත්‍රික් අපේක්ෂකයින් වන මහාචාර්ය චන්න ජයසුමන, මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ගම්පහ විහාරස්ථානවලට පැමිණ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
ඔවුන් මෙලෙස පැමිණියේ ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී මනාප අංක ලැබීමෙන් පසුවය.
ප්‍රථමයෙන්, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණි පිරිස සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි බැහැදුටුවේය.
ඉන් අනතුරුව දිලිත් ජයවීර ඇතුළු පිරිස පැමිණියේ කැලණිය ශ්‍රී පඤ්ඤානන්ද විහාරස්ථානය වෙත පැමිණ එහි විහාරාධිපති අමරපුර සද්ධම්ම වංශ මහ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි බැහැදුටුවේය.
දිලිත් ජයවීර ඇතුළු පිරිස බියගම බෝධිරුක්ඛාරාමය වෙත පැමිණියේ ඉන් පසුවයි




















