BREAKING NEWS
Search

ෂකිබ් ගෙදර යන්න බෑ කියයි

2269

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම සඳහා තමන් ඩකා අගනුවර වෙත නොයන බව බංග්ලාදේශ ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් පවසා ඇත.

තමන්ට එරෙහිව ඩකා නුවර විරෝධතා තිබෙන බව පෙන්වා දෙමින් ඔහු මේ බව පවසා ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා නම්කළ සංචිතයට ෂකිබ් ද ඇතුළත් විය.

ඒ හේතුවෙන් ඔහු අමෙරිකාවේ සිට බංග්ලාදේශය බලා පිටත්ව යාමේ අරමුණින් මේ වනවිට ඩුබායිහිදී රැඳී සිටියි.

කෙසේ නමුත් බංග්ලාදේශයෙන් ඔහුට උපදෙස් ලබාදී ඇත්තේ යම්කිසි කණ්ඩායමක් ෂකිබ්ට එරෙහිව විරෝධතාවක් ආරම්භ කර ඇති බවයි.

“මම ඊළඟට යන්නේ කොහෙද කියලා මට විශ්වාස නෑ. නමුත් මම ගෙදර නොයන බව නම් බොහෝ දුරට විශ්වාසයි” යනුවෙන් ඔහු පවසා ඇත.

ඉකුත් අගෝස්තු මස බංග්ලාදේශයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුරදී තරුණයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගල ලැස්තුවේ ෂකිබ් සිටියි.

ෂකිබ් ඔහුගේ උපන් ගම වන මගුරා හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර, ඔහු බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසී‍නාගේ අවාමි ලීගය නියෝජනය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *