රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු හිටපු බන්ධනාගාර නිලධාරියෙකු රුවන්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මහර බන්ධනාගාරයේ, බන්ධනාගාර නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට 2019 වසරේ දී ඉන් ඉවත්වූ පුද්ගලයෙක් වන අතර ඉන්පසුව මෙම පුද්ගලයා සිය රාජකාරී හැදුනුම්පත භාවිතා කරමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිට ඇති බව අනාවරණය වී තිබේ.
යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉඹුලාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එහිදී මෙම පුද්ගලයා සතුව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,500 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 600 ක්, ගංජා සහ කිරුම් උපකරණ කිහිපයක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
වැටලීම කරන අතරතුර මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා ද මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු අයෙකු බවට අනාවරණය කරගෙන ඇති බවය.
සැකකරුවන් රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




















