BREAKING NEWS
Search

බොලිවුඩ් නිළියක් ලංකාවට ඇවිත් යාල කැලේට වෙලා හොර රහසේ කල දේ

889

බොලිවුඩ් නිළි පූජා හෙග්ඩේ මෑතකදී ඇගේ උපන්දිනය වෙනස්ම ආකාරයකට සමරා ඇත.

ඇය මෙවර උපන්දිනය සමරා ඇත්තේ ශ්‍රී ලංකාවේ යාල ප්‍රදේශයේ ස්වභාවධර්මය සමග මුසුවෙමිනි.

පසුගිය සඳුදා දින පූජා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප පෙළක් සහ වීඩියෝවක් පළකරමින් තමා උපන්දිනය සැමරූ ආකාරය හෙළිකළාය.

එම කෙටි වීඩියෝවේ, පූජා සන්සුන් වටපිටාව භුක්ති විඳිමින් උපන්දින කේක් එකක් කපන ආකාරය දක්නට ලැබේ.

ඇය මෙලෙස ශ්‍රී ලංකාවේ සමරා ඇත්තේ ඇයගේ 34වැනි උපන්දිනයයි.

ඇයගේ මෙම සිද්ධිය ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අතර ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පොහොසත් බව එම මාධ්‍ය වාර්තාවල දැක්වේ. ශ්‍රී ලංකාවේ නිවර්තන භූ දර්ශන සිත් ඇදගන්නාසුළු වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ විවිධ වර්ගවල වගාවන් වලින් පිරී ඇත. එය සංස්කෘතිකමය වශයෙන් ද විචිත්‍රවත් උරුමයකින් පොහොසත් රටක් බව දැක්වේ.

වික්‍රමාන්විත නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට යෑම ඉතා යෝග්‍ය බවද අදාළ ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *