BREAKING NEWS
Search

අඩු කරපු විදුලි බිලට මොකද වුණේ ?

275

ඔක්තෝබර් 01 වෙනිදා සිදුවිය යුතු විදුලි ගාස්තු සංශෝධනය ලංකා විදුලිබල මණ්ඩලයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව සමගි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය චෝදනා කරයි.

කොළඹ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙම අදහස් පළ කළේය.

“විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට සංශෝධනය වියයුතු විදුලි බිල පිළිබඳව දත්තයන් තාම යවලා නෑ.

ජනාධිපතිතුමනි, මේ මොහොතේ බිලියන 155 ඉක්මවනවා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය.

තවත් ගසා කන්න ඉඩ අරින්නේ ඇයි ? ඔබතුමා ජනතාවාදී නම් විදුලිබල මණ්ඩලයට නියෝග දෙන්න තිබුණා මෙච්චර වෙලා බුදිද මොනවාද කරන්නේ කියලා.

වහාම මේකට ක්‍රියාමාර්ග අරගෙන විදුලි බිල සංශෝධනය අවමය සියයට 45කින් අඩුකරන්න පුළුවන්.”

වෙනත් පුවත්

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය හමුවෙයි

කොළඹ ග්‍රෑන්ඩ්පාස්  ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි  මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) දින හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි

මෝටර් රථය රැගෙන අද (17) දින අලුයම හතරට පමණ වේගයෙන්  විහාරස්ථාන භූමියට පැමිණි පුද්ගලයකු මෝටර් රථය විහාරස්ථාන භූමියේ අතහැර දමා  ඉන් අනතුරුව යතුරුපැදියකින් පලා ගොස් ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය පවසයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *