BREAKING NEWS
Search

එන්නතක් විස වී සිසුන් පිරිසක් රෝහලට

129

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි  සිසුවියන් පස්දෙනකු  රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ අඟුරුවාතොට  වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ  හත වසර පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකි.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ 7 පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබිණි.

එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය  සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට  ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *