පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි 1000ක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබූ හාලිඇල රොසට්වත්තේ 23 හැවිරිදි ඔහුගේ මළසිරුර දින දහසයකට පසුව අද වැනි දා පස්වරුවේ සොයාගෙන තිබුණා..
වැල්ලවාය කුඩා ඔය යුදහමුදා කොමාන්ඩෝ කදවුරේ කොමාන්ඩෝ නිලධාරීන් පිරිසක් කඹ ආධාරයෙන් අද (16) වැනි දා පස්වරුවේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයට බැස මළසිරුර සෙවීමේ කටයුතුවල නිරත වූ අතර පසුව මෙම ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයේ වැටී තිබියදී සොයා ගෙන පොහොර බෑගයක දමා කඹවලින් ගැටගසා කඹ ආධාරයෙන් පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයෙන් තිබූ මළසිරුර අද පස්වරු 2 ට පමණ මහත් වෙහෙසක් දරා උඩට ගත් බවද පොලිසිය පැවසුවා..
මළසිරුර සොයා ගන්නා විටත් එය බෙහෙවින් නරක්වී දුගඳ හමමින් තිබු අතර සිරුරේ යටිකයට කලිසමක් ඇද සිටි බවත් , සිරුරේ ඉනෙන් ඉහල කොටස මුහුණ හිස විනාශ වී ඇටකටු මතු වී තිබිණැයි පොලිසිය සඳහන් කළා..























