කුඩහකපොල දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයේදී අද (16) දහවල් 12.30 ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.
රියැදුරා විසින් ඉතා අපරික්ෂාකාරීව හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කළ මෝටර් රථයක් පැමිණෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහන දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අප වාර්තාකරු සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ එහි රියැදුරා පමණක් සිට ඇති අතර අනතුරින් ඔහුට ජීවිත හානියක් සිදුව නොමැති බවයි.























