BREAKING NEWS
Search

තවත් නව පත්වීම් කිහිපයක්

378

දකුණු පළාත් සභාවේ අධිකාරි පහ සදහා නව සභාපතිවරු පස්දෙනෙකු සහ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයකු  ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින්  පත්කොට ඇත.

ඒ අනුව දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන  අධිකාරියේ සභාපතිවරයා ලෙස එච්.කේ.කේ. කමල්, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස  සමරදිවාකර විදාන පතිරණගේ ගාමිණිසරත්, දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශයයේ සභාපතිවරයා ලෙස  හෙරත් මුදියන්සේලාගේ රුවන් ප්‍රියාල්ල විජේරත්න යන මහත්වරුන් පත්කොට ඇත.

එමෙන්ම  දකුණු  පළාත් සංවර්ධන අධිකාරිය සභාපතිවරයා ලෙස ප්‍රේමසිරි කළුආරච්චි, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරය ලෙස . ඩි.පි.කේ   අමරසේකර යන මහත්වරුන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කොට ඇත.

මිට අමතරව  දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස  ආර්.එච් කමල් මහතා පත්කොට ඇති අතර කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස. තරංගා වික්‍රමරත්න මහත්මිය සහ  සිරිසේන දේශප්‍රිය,  ඥාණරත්න මාපලගම, යන මහත්වරුන් පත්කොට ඇත.

දකුණු පළාත් සභා ඉතිහාසයේ පළමු වතාවට  අධිකාරිවල සභාපති තනතුරු සදහා වෘත්තිකයින්, හා එම ක්ෂේත්‍ර පිළිබද ප්‍රවිනයින්  පත්කිරිමට  දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පියවරගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *