අමාත්‍ය විජිත හේරත් කළ අභියෝගය තමන් පිළිගන්නා බවත්, හෙට (16) දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තමන් ඊට ප්‍රතිචාර දක්වන බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා දින 3ක් ඇතුළත ප්‍රසිද්ධ කරන ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිල ට අද (15) කළ අභියෝගය සම්බන්ධයෙනුයි.
එම අදාළ වාර්තා ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ඒවා දින 7ක් තුළ ප්‍රසිද්ධ කරන බවට ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කළා.
චැනල් 4 නාලිකාව විසින් සිදුකළ වාර්තා වැඩසටහන සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් පිටු අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.
කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළේ, දින 7ක් තුළ එම වාර්තා ප්‍රසිද්ධ නොකළහොත් තමන් එම වාර්තා ප්‍රසිද්ධ කරන බවයි.




















