BREAKING NEWS
Search

වැසූ පාසල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය

174

මහවැසි හේතුවෙන් තාවකාලික වසා දැමුණු පාසැල් හෙට(15) සිට සාමාන්‍ය පරිදි යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර අවතැන් කඳවුරු ලෙස යොදාගත් පාසල් කීපයක් යළි යුද්ධ කිරීම සම්බන්ධයෙන් එම කඳවුරු අයත් බල ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් තීරණයක් ගතයුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරි දිනවලදී තවදුරටත් කාලගුණික තත්ත්වයේ යම් වෙනස් වීමක් සිදුවන්නේ නම් පාසල් වසා තැබීම හෝ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණයක් ගනු ඇතැයි ඇතැයිද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්කොළඹ ගම්පහ සහ කැලණි අධ්‍යාපන කලාපවලත් කඩුවෙල හා කොලුන්නාව අධ්‍යාපන කොට්ඨාශ තුළත් පිහිටි පාසල් දින දෙකක් වසා තැබිණ.

දකුණේ ප්‍රදේශ කීපයකම පාසල් කිහිපයක්ද ඉකුත් දිනවල වසා තැබිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *