BREAKING NEWS
Search

ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් ලොක්කා යතුරු පැදියෙන් කුඩු ඇදලා

381

කළුතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට අයත් යතුරුපැදියෙන් හොරයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු වැලිපැන්න හොරවල හන්දියේදී අත්අඩංගුවට ගැනීමේදී ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් සමගම ඔහු මුදා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර  පලවා හැරිය බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැති අතර සැකකරුවන් එල්ල කරන ලද ගල් සහ හෙල්මට් ප්‍රහාරවලින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරු සන්තකයේ තිබි රුපියල් ලක්ෂ 5 ක ආසන්න වටිනා හොරයින් මත්කුඩු ගෑම් 15 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය හා ගිනි අවි ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුත්තක් සඳහා වැලිපැන්න පොලිස් වසමට පැමිණ වැලිපැන්න හොරවල මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් නවතා එහි පැදිකරු පරීක්ෂා කිරීමේදී ඔහු කලහාකාරී ලෙස හැසිරී පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *