පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරේ සේවය කළ ජනාධිපති නීතිඥ තිසත් දේවප්‍රිය බණ්ඩාර විජයගුණවර්ධන මහතා 2024-10-9 දින සේවයෙන් පසුව එම තනතුරින් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් ඉදිරිපත් කර ඇතැයි රජය පවසයි.
එම ඉල්ලා අස්වීම පිළිගැනීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
වෙනත් පුවත්
ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වාහන බ්‍රෝකර්වරයෙක් අද (15) අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මඩොල්සිම බටාවත්තේ පදිංචි 27 හැවිරිදි සිව්දරු පියෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු මෙසේ ඝාතනයට ලක්වූ බවත් , මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද දැමූ මොහුගේ සිරුර අද (15) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකි විනැයි පොලිසිය පැවසීය .
මෙම තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර එහි ප්‍රධාන සැකකරු බව කියන මඩොල්සිම බටාවත්තේ පදිංචි හාලිඇල ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමග විවාහ වී සිටින 34 හැවිරිදි චන්ද්‍රබොස් දයාලන් නමැති එක්දරු පියෙකු හාලිඇල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණි .

















