BREAKING NEWS
Search

ගංජා සමඟ පොලිස් සැරයන් මාට්ටු

204

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වලාන දුෂණ අංශයේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කවරක්කුලම පොලිසියට අනුයුක්තව සේවය කරන කොට්ඨාශ බුද්ධි අංශයේ පොලිස් සැරයන් වරයෙකු හා වන්නියන්කුලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැරයන්වරයා ගංජා ජාවාරමේ නිරතවන බවට වලාන දුෂණ අංශයේ පොලිස් නිලධාරින් පිරිසකට ලද තොරතුරක් මත සැකකරැවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරැවන් දෙදෙනා අද (15)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *