BREAKING NEWS
Search

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

195

ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලැසුම් අධ්‍යක්ෂවරයා සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

ඊයේ (14) දින මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ. ඔහු කියා සිටියේ පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුන සදහා නිදහස් ලකුණු ලබාදීමටද තීරණය කර ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *