BREAKING NEWS
Search

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අත්අඩංගුවට

490

ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15)  තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය .

සැකකරු භාවිතා කරන ලද ජීප් රථය බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී ඉකුත් දා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් තම භාරයට ගෙන තිබිණි .

ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා පාවිච්චි කල වාහනයක් බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය .  ‍

මෙම ජීප් රථයේ අංකය ව්‍යාජ එකක් බවත් මෙම අංකය හිමි වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකුට අයත් එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු සැකපිට හිටපු උප සභාපතිවරයා අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *