BREAKING NEWS
Search

කාමරයකට ගිහින් ඇවිත් මට කිව්වා අක්කේ මේ  ඊයේ රෑ 2.30ට මහ ලේකම්තුමා ඔයාව අයින් කළා කිව්වා -හේෂා මල්ලිගේ සියල්ල දමිතා හෙළිකරයි

1567

සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා තමාට නාමයෝජනා නොලැබී ගියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව පැවසුවේ, ‘අද දෙරණ’ ඔස්සේ විකාශය වන ‘මොකද වුණේ ?’ වැඩසටහනට එක්වෙමිනි.

“හේෂට මම සැලකුවේ මගේ සහෝදරයෙකුට වගේ. හේෂාම තමා යෝජනා කරන්නේ රත්නපුරයෙන් අපි ඉල්ලමු කියලා. එහෙම කිව්වහම සජිත් සර් කිව්වා අපි ඔයා වෙනුවෙන් ඉන්නවා. ඔයාට ඕන දෙයක් කියන්න කිව්වා. නාමයෝජනා කමිටුවක් තිබුණා. ඒකෙන් මට අවසරය ලැබුණා. ඊට පස්සේ මම ගිහින් 8 වෙනිදා නාමයෝජනා අත්සන් කළා. ඊට පස්සේ මම රෝහිණි කවිරත්න මහත්මිය එක්ක කතා කළා.

එයා කිව්වා 9 වෙනිදා හේෂා කාර්යාලයට ගිහින් කිව්වලු මේක වෙනස් කරන්න ඕනේ. මෙයා නැතුව වෙන කෙනෙක් මේකට දාන්න කිව්වලු. හැබැයි හේෂා මට සුබ පතලා වෙන ගේම් එකක් තමා යටින් ප්ලේ කරලා තියෙන්නේ. රත්නපුරයෙන් ආපු ප්‍රතිචාරයත් එක්ක හේෂා බයවෙන්න ඇති. මේක තනිකර කුමන්ත්‍රණයක්. හේෂා කැපුවා. 

මට දුක නෑ. මම ඕන තරම් තැන්වලින් ඉල්ලන්න ඉල්ලීම් තිබුණා. මට වෙන පක්ෂවලින්, ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීම් තිබුණා. හේෂා මේ නැති කළේ මනුස්සයෙක්ගේ අයිතිවාසිකමක්. මම ඇහුවා හේෂාගෙන් මල්ලි මම රත්නපුරයට එන්න ඕනේ කීයටද කියලා.

ඒ අනුව මම රත්නපුරයේ කච්චේරියට යනවා. ඇතුළේ දී හේෂා හම්බවුණාම මම ඉස්සෙල්ලා සුබ පැතුවා. එතකොට කිව්වා හේෂා අක්කේ පොඩ්ඩක් ඉන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා.

කාමරයකට ගිහින් ඇවිත් මට කිව්වා අක්කේ මේ  ඊයේ රෑ 2.30ට මහ ලේකම්තුමා ඔයාව අයින් කළා කිව්වා. ඉතින් මං අහන්නේ මේක මොනතරම් පහත් වැඩක් ද? “




Leave a Reply

Your email address will not be published. Required fields are marked *