BREAKING NEWS
Search

කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට දුන් සංදේශය

435

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමූ වූවාය.

කාන්තන්කුඩියේ සිට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා දැරිය අග්‍රාමාත්‍යවරිය හමුවී සංදේශයක් ද බාර දුන්නාය.

ෆාතිමා ඉදිරිපත් කළ ප්‍රශ්නයට සාවධානව ඇහුම්කන් දුන් අග්‍රාමාත්‍යවරිය ඇය සමග සුහඳ කතාබහක ද නිරත වූවාය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *