උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ආසන්නයට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයෙන්, එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට අනතුරක් සිදුවූයේ යැයි වාර්තා වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
මෙවැනි ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති උපදෙස් හා විධිවිධාන නිරන්තරයෙන් පිළිපදින ලෙස ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇති බවයි ඊශ්‍රායලයේ, ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.
හයිෆා නගරයට දකුණින් සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කර හිස්බුල්ලා සටන්කාමීන් විසින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණා.
එහිදී සෙබලුන් හතර දෙනෙකු මියගොස් තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.




















