BREAKING NEWS
Search

ආන්දෝලනයට තුඩුදුන් බොක්සිං ක්‍රීඩිකාවට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ? රන් පදක්කමත් අවලංගු වෙයි ?

1990

නිමාවුණු පැරිස් ඔලිම්පික් උළෙලේ අමතක නොවන සිදුවීම් අතර සහ වඩාත් කතාබහට ලක්වුණු ‘ආන්දෝලනාත්මක සිදුවීම්’ අතර ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ්ගේ (Imane Khelif) නම ඉහළින්ම රැඳෙන බව අවිවාදාත්මකයි.

ඊට හේතුව ඔබ දැනටමත් දන්නවා.

Monara

එය කෙටියෙන් සඳහන් කළොත්,

ඔලිම්පික් උළෙලේදී ඉතාලියේ බොක්සිං ක්‍රීඩිකා Angela Carini කෙරෙහි කාගෙත් අවදානය යොමුවෙන්න ගත්තා.

ඒ ඇය, ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ් සමග තරගයේදී තත්පර 46ක් ඇතුළත ඔලිම්පික් තරගය අතහැර දැමීම නිසාවෙන්. ඇය එහෙම තරගය අතහරින්නෙ “මට මගේ ජීවිතය රැකගත යුතුව තිබුණා” යන සඳහන සහිතව.

ඒ අනුව තරගය ආරම්භ වී තත්පර 46ක් වැනි කෙටි කාලයකදී 25 හැවිරිදි කරිනි වළල්ලෙන් ඉවත්ව යනවා.

කෙලිෆ් සමග පහරවල් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව කඳුළු සලමින් සහ දණින් වැටීමෙන් පසු ඇය එලෙස ඉවත්ව යාම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සේ ම සමාජ මාධ්‍යයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නු කාරණාවක් වුණා.

කොහොම නමුත් පසුව ඒ ගැන කරිනි ද ප්‍රකාශයක් ලබාදීලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඔලිම්පික් නිමාවෙන් පස්සෙ කෙලිෆ්ගේ නීති කණ්ඩායම ඉහළ පෙළේ පුද්ගලයින් කිහිපදෙනෙකුට ම නඩු පවරන්නත් සැරසිලා තිබුණා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ කෙලිෆ් සම්බන්ධ සාවද්‍ය තොරතුරු බෙදාගැනීම හේතු කරගෙන.

එම පිරිසට ජේ.කේ. රෝලිං, එලොන් මස්ක් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අයත්.

Monara

ඊටත් කාලෙකට පස්සෙ ආයෙමත් ‘ඉමානේ කෙලිෆ්ගේ රන් පදක්කම’ ලෝක මට්ටමෙන් කතාබහ වෙන්න පටන් අරන්.

කතාබහ පටන් ගන්නෙ එක්තරා සමාජ මාධ්‍ය සටහනක් එක්ක !

ඒ එක සටහන, මේ වෙද්දි සෑහෙන්න හුවමාරු වෙන්න අරන් !!

අදාළ සටහනෙන් කියවෙන්නෙ,

ලෝක බොක්සිං සංවිධානය විසින් (WBO) ජීව විද්‍යාත්මකව පිරිමියෙකු බව තහවුරු කිරීමෙන් පසු, ක්‍රීඩා ලෝකයම කැළඹූ ‘වරක්’ ඇල්ජීරියාවේ ඔලිම්පික් බොක්සිං ක්‍රීඩිකාව වූ Imane Khelif ජීවිතාන්තය දක්වා තහනමකට ලක්ව ඇති බව. මේ හෙළිදරව්ව ඇගේ රන් පදක්කම වහාම අවලංගු කිරීමට හේතු වී ඇතිය යන්නත් එහි සඳහන්.

“GOOD BYE ඔලිම්පික් බොරුකාරයා” මැයෙන් කෙලිෆ්ව ආමන්ත්‍රණය කරැති සඳහනට අනුව, මෙය ‘නාටකාකාර හා මතභේදාත්මක අවසානයක්’

ඒ විතරක් නෙවෙයි කෙලිෆ්ගේ පින්තූර දෙකක් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච්ගේ රූපයක් ද සටහන එක්කම හුවමාරු වෙනවා.

Monara

විශේෂම කාරණාව තමයි, මේ කතාව පැතිරෙන්නෙ සමාජ මාධ්‍යයේ මිස ‘නිල තහවුරු කිරීම් සහිතව නොවීම’

අදාළ සටහනේ ‘ලෝක බොක්සිං සංවිධානය (WBO)’ නම් කර ඇති නිසාම, ඒ ගැන ‘නිල මාධ්‍ය නිවේදනයක්’ එක්ක කරුණු පහදන්න ‘ලෝක බොක්සිං සංවිධානයත්’ කටයුතු කරලා.

ඊට අනුව ඔවුන් සඳහන් කර තිබුණේ, ඉමානේ කෙලිෆ්ගේ තහනම පිළිබඳ වාර්තා අසත්‍ය වන බව.

“WBO විසින් කෙලිෆ්ව තහනම් කර ඇති බවට ප්‍රකාශ කරන වාර්තාව පැහැදිලිව ම අසත්‍යයකි.

අපි ඇයගේ සියලු අනාගත උත්සාහයන් සඳහා ඇයට සුබ පතනවා.

වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන ඕනෑම වාර්තාවක් පැහැදිලිවම ව්‍යාජ වේ…”

Monara

මේ සම්බන්ධ වෙනත් ‘පුවත් වාර්තා කිරීම්’ දක්නට නොලැබීමත් විශේෂයි.

කොහොම නමුත් සමාජ මාධ්‍ය මවන ‘අසත්‍ය පුවත’ ගැන USA TODAY වෙතින්ද කරුණු පරීක්ෂා කර ඇති අන්දම දක්නට ලැබුණා.

”කෙලිෆ්ට බොක්සිං තහනම් කර ඇති බවත් ඇයගේ පදක්කම් ඉවත් කර ඇති බවට පළ කළ ප්‍රකාශයට විශ්වාසදායක වාර්තා කිසිවක් සහාය නොදක්වයි. ලෝක බොක්සිං සංවිධානයෙන් ද එවැනි නිවේදනයක් පිළිබඳ සාක්ෂි නොමැත…”

Monara

පැතිර යන මෙම අසත්‍ය පුවත් හමුවේ කෙලිෆ් ‘නිහඬව’ පසුවීමත් විශේෂ කාරණයක්.

ඇයගේ නීති කණ්ඩායම හෝ ඇයගේ කළමනාකාරිත්වය මේ සම්බන්ධයෙන් කිසිදු විධිමත් ප්‍රකාශයක් නිකුත් නොකිරීමත් ඇතැම් උදවිය ප්‍රශ්න කරලා තිබුණා.

ඒ අනුව බහුතරයකගේ අදහස වෙලා තිබුණේ ඇය ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදිය ද යුතු බව !

Monara




Leave a Reply

Your email address will not be published. Required fields are marked *