BREAKING NEWS
Search

ආන්දෝලනාත්මක සිද්ධීන් හතක් ගැන කඩිනම් විමර්ශන

432

2015 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය, 2011 වසරේ දී ලලිත් කූගන් අතුරුදන්වීම,2007 වර්ෂයේ දී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා අතුරුදන්වීම,2015 වසරේ දී වැලිගම දී පොලිස් වෙඩි පහරකින් පොලිස් නිලධාරියෙකු මියයෑම,2005 වසරේ දී ධර්මරත්නම් ශිවරාම් මාධ්‍යවේදියා මියයෑම, ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති විමර්ශන වල ප්‍රගතිය ප්‍රමාණවත් නොවේ යැයි යන පදනම මත මෙම විමර්ශන කඩිනම් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වෙනත් පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි

මහනුවර කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක නවාතැන් ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් 114 දෙනකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම පිරිස අතර චීන ජාතික කාන්තාවන් ද විස්සකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පොලිසිය කියයි .

එම චීන ජාතිකයන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක සියයකට අධික ප්‍රමාණයක් ද අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 300 කට ආසන්න ප්‍රමාණයක්ද චීන ජාතිකයන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .

කුණ්ඩසාලය ප්‍රදේශයේ සුවිසල් හෝටලයක කාමර 47 ක ඔවුන් නැවතී සිට ඇති අතර එම ස්ථානය පොලිසිය වට කරන විට ඇතැම් චීන ජාතිකයන් හෝටලයේ විවිධ අහු මුළු වල සැඟව සිටි බවද පොලිසිය කියයි .

මෙම චීන ජාතිකයන් එම හෝටලයේ නවාතැන් ගෙන සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද පොලිසිය කියන අතර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *