BREAKING NEWS
Search

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව

346

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

කාන්තා හා ළමා කාර්යංශයට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පාලිකාව විසින් නේවාසිකාගාරයේ නේවාසිකව සිටින වයස අවුරැදු 10 ත් 15 ත් අතර වියේ පසුවන ශ්‍රව්‍යාබාධිත දරු දැරියන් හත් දෙනකුට පමණ කොටුවලින් පහර දුන් බවට මාපියන් ගෙන් ලද පැමිණිලිලි මත අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතා පැවසිය.

පහර කෑමට ලකවු දරැ දැරියන් අධිකරණ වෛද්‍ය වරයෙකුට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *