BREAKING NEWS
Search

දුම්රියේ ගැටී දෙදෙනෙක් සහ දරුවෙක් මරුට

1242

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබේ.

අද (12) සවස මෙම පුද්ගලයින් තිදෙනා දුම්රියේ ගැටී තිබුණේ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදීය.

අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර වයස අවුරුදු තුනක දරුවකුත් තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි.

එම දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

මියගිය පුද්ගලයින්  තිදෙනා කළුතර දකුණු රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ව බව වාර්තා වෙයි.

වෙනත් පුවත්

ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල් තුනක් හා පානීය ජලය ද අවශ්‍යතාව පරිදි නිසි වේලාවට සැපයීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් මගින් ආපදා සහන සේවා නිලධාරී වෙත දැනුම් දී තිබේ.

සියලු කටයුතු විනිවිද භාවයෙන් සිදු කරන ලෙසත් වියදම් වලට අදාල මිලදී ගැනීම් හා එහි ප්‍රතිලාභී නාමලේඛන නිවැරදි බවට තහවරු කරගැනීමට අධීක්ෂණ ක්‍රම වේදයක් සකස්කර භාවිතා කරන ලෙසත් ජාතික සහන සේවා මධ්‍යස්ථානය වැඩි දුරටත් දැනුම් දී ඇත.

පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට ආපදා සහන සේවා නිලධාරීන් කරනු ලබන කාර්යය අගය කරන අතර එම කටයුතු, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති 01/2020 චක්‍රලේඛය හා එයට අදාලව නිකුත් කර ඇති සංශෝධන අනුව කටයුතු කරන ලෙස දන්වා සිටින්නේ යැයිද ආපදා කළමනා කරණ අංශ අතිරේක ලේකම් (පාලන) කේ.ජී. ධර්මතිලක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල දැනුම් දීමෙහි වැඩිදුරටත් සඳහන්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *