මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙළඳසැල් වෙත සහල් අලෙවි කිරීමේ දී, සම්බා සහල් කිලෝ 5,000ක් ලබා ගන්නේ නම් කීරි සම්බා කිලෝ 5,000ක් ලබාගත යුතු බවට අනිවාර්ය කර තිබෙනවා.
මෙම කින්දේසිය හේතුවෙන් සහල් ව්‍යාපාරයේ යෙදීමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා.
අඩු මිලට සම්බා සහල් ලබා දී, එහි පාඩුව උපක්‍රමිකව වෙනත් සහල් බලහත්කාරයෙන් විකුණමින් උපයා ගැනීමේ උත්සහයක නිරතවන බවයි වෙළෙන්දන් මහා පරිමාණ මෝල් හිමියන්ට චෝදනා කරන්නේ.
වෙනත් පුවත්
අයහපත් කාලගුණයෙන් 22,000කට වැඩි පිරිසක් පීඩාවට
දිවයිනට බලපා තිබෙන වැසි සහිත කාළගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පහත්බිම් ගණනාවක් තවමත් ජලයෙන් යට වී පවතිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයින් 22,000කට වැඩි සංඛ්‍යාවක් අධික වැසි තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.
මේ අතර පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නිරිතදිග කොටස ඇතුළු තවත් ප්‍රදේශ රැසකට වැසි තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එම අගය දැක්වුණේ මිලිමීටර් 117ක් ලෙසයි.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු සහ උරුවල් ඔය ආශ්‍රිත පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල , කටාන සහ වත්තල යන ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 ක් දක්වා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අධික වර්ෂාවත් සමග කොළොන්නාව ප්‍රදේශයද ජලයෙන් යටව පවතින අතර ඒ හේතුවෙන් ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මිල්ලනිය ප්‍රදේශයේද පහත් බිම් රැසක් මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා
කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමත් සමග බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා
මේ අතර ජලයෙන් යට වීම හේතුවෙන් වසා දමා තිබුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) උදෑසන විවෘත කිරීමට කටයුතු කර තිබුණා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු විය හැකි බවයි.


















