T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙසින් නවසීලන්ත – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර අද (12) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුළු 08කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.
අද තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව පිටියට පිවිසි නායිකා චමරි අතපත්තු ලකුණු 35ක්ද, විශ්මි ගුණරත්න ලකුණු 08ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 10ක්ද, අනුෂ්කා සංජීවනී ලකුණු 05ක්ද, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 14ක් සහ අමා කාංචනා ද නොදැවී ලකුණු 10ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නවසීලන්ත කාන්තා කණ්ඩායමේ Leigh Kasperek සහ Amelia Kerr කඩුළු 02 බැගින්ද, Eden Carson එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කයක් සහිතව පිටියට පිවිසි නවසීලන්තය පන්දුවාර 17යි පන්දු 03ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 118ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Georgia Plimmer ලකුණු 53ක්ද, Suzie Bates ලකුණු 17ක්ද, නොදැවී Amelia Kerr ලකුණු 34ක් සහ නායිකා Sophie Devine ලකුණු 13ක් රැස් කිරීමට සමත් වුනා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ චමරි අතපත්තු සහ සචිනි නිසංසලා එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව මෙම තරග පරාජත් සමගින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග සියල්ලම පරාජයට පත් වූ අතර, ඔවුන්ට පන්දුවාර 20 ලෝක කුසලාන බලාපොරොත්තුවේ ඉදිරි ගමනට තිත තබා නැවත මෙරටට පැමිණීමට සිදුවනු ඇති.



















