සරස්වතී පුජාවකට සහභාගී වෙමින් සිටි ගුරුවරයෙකු පාසලේ පන්ති කාමරය තුලදීම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනයවන නෝටන්බ්‍රිජ් ඔස්බොන් දමිල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි 45 හැවිරිදි තිදරු පියෙක්.
අද (12) දින එම පාසලේ පැවති සරස්වති පුජාවට සහභාගිවි සිටියදි එකවරම එම ගුරුවරයා තම පපුවේ වේදනාවක් ඇති බව පවසමින් එකවරම බිම ඇද වැටුණු බවත්, පසුව රෝගාතුර වු ගුරුවරයාව පාසලේ සෙසු ගුරුවරුන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේ ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කල බවයි පාසලේ සෙසු ගුරුවරුන් කියා සිටියේ.
මියගිය ගුරුවරයා පාසලට යාබදවම පිහිටි ඔස්බොන් වතුයායේ පදිංචිකරුවෙකු බවත්, ජිවිතක්ෂයට පත් ගුරුවරයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සඳහන් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

















