BREAKING NEWS
Search

රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි

185

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මෙය තාවකාලිකව අවලංගු කිරීමට ගත් බවයි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළැඹෙන 14 දිනත් රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නොවැම්බර් 09 වැනි දිනත් පැවැත්වීමට නියමිතව තිබුණි.

එම උත්සව පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *