BREAKING NEWS
Search

රජයට කෝටි පහමාරක් අහිමි කල සැප ජීප් රියට අධිකරණයෙන් දුන් නියෝගය

607

රුපියල් කෝටි පහමාරක  බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රථය  රාජසන්තක කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා  අද  (11)රේගුවට නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ ජි ඉසෙඩ් 9630 දරන ජීප් රථය මෙසේ රාජසන්තක කිරීමට නියෝග කළේය.

අදාළ රථය බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සතුව තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

රුපියල් කෝටි ගණනක බදු රජයට අහිමි කරමින් 2015 වසරෙන් පසුව රේගුවට හොර රහසේ ආනයනය කළ මෝටර් රථ දෙසීයක් යළි රජයට භාර දෙන ලෙසට  කළ අධිකරණ නියෝගය අනුව රථය අත්අඩංගුවට ගත් බවත්,අදාල ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ  රථය රේගුවට බාරදී රාජ්‍ය සන්තක කරන ලෙසට නියෝග කළේය.

සෙසු රථ සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ජනවාරි 17 වැනි දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *