මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන තිබේ .
දැනට දීර්ඝ කාලයක් වසා දමා තිබෙන එම නිල නිවස මේ වනවිට ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර එම නිවස පිටුපස ආලින්ද කොටසේ මළ සිරුර තිබෙන අතර එය මීට සතියකට පමණ ඉහතදී මියගිය අයකුගේ බවට පොලිසිය සැක පහළ කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර අද (11) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එම ස්ථානයට කැඳවීමටද පොලිසිය පියවර ගෙන තිබුණි .
වෙනත් පුවත්
වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,සබරගමුව,දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට ඉතා තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 -70 දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ රළ මීටර් 2.5 -3.0 දක්වා ඉහළ යා හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු එම ප්‍රදේශවල යාත්‍රා නොකරන්නැයි නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙයි




















