BREAKING NEWS
Search

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා

790

රජයට අයත් බව කියන  වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් සිය බාරයට ගනු ලැබූහ . 

මෙම වාහනය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙක්  භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය .

එම හිටපු උප සභාපතිවරයා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නාමයෝජනා ලබා දී තිබේ . වාහනය මේ වන විට බෙලිඅත්ත පොලිසියට ඉදිරිපත් කර ඇත .

වෙනත් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි

ලෝක මානව සම්පත් කොංග්‍රසය  වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස  සම්මේලන ලැබීය.

මෙම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් අංශයේ අභිලාෂය, දේශපාලන ප්‍රතිපත්ති සහ ව්‍යාවසාය පරිණාමය පිිළිබඳ විශේෂිත සැලැස්මක් සමඟ සම්බන්ධ වන ආකාරය, අනාගතය සඳහා සුදුසුකම් සංවර්ධනය කිරීම, කුසලතා කලමනාකරණය, කුසලතා සංවර්ධනය සහ නව රැකියා දැන්වීම පිළිබඳ උපයෝගිතා සලසන ආකාරය යන අංග සළකා  එම කොංග්‍රසය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිරිනැමීය.

සේවක සහභාගිත්ව, විවිධත්ව සහ බඳවා ගැනීම්, කාන්තා සවිබල ගැන්වීම, සේවා ස්ථානයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ කළමනාකරණය සහ සමාජ සත්කාරක කටයුතු ද මෙහිදී සලකා බැලීය.

“අපගේ දැක්ම වන්නේ අපගේ සේවකයින්ට, සංවිධානයට සහ අප සේවය කරන ප්‍රජාවට උපායමාර්ගික සහාය සහ මඟ පෙන්වීම ක්‍රියාශීලීව ලබාදීමයි“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මේජර් ටනේෂ් බී. ඩයස් මහතා සම්මානය ලබා ගැනීමෙන් පසුව පැවසීය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති උත්සවයකදී මානව සම්පත් කොංගසය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන  පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානී චන්දිම මාපටුන යන මහත්වරුන්ට ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *