BREAKING NEWS
Search

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළු දෙදෙනෙකුට තුවාල

189

ලෙබනනයේ සාමසාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා ස්ථානගතවී සිටින දකුණු ලෙබනනයේ නකොවූරා නම් ප්‍රදේශයට එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ සාමසාධක හමුදා භටයින් සිටි නිරීක්ෂණ කුලුනකට කාලතුවක්කු ප්‍රහාරය එල්ලකර අථිඋ බවයි.

දකුණු ලෙබනනයේ මේ වනවිට එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින් 10,000ක් පමණ සේවයේ යෙදී සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *