BREAKING NEWS
Search

මාර්ග රැසක් ජලයෙන් යටවෙයි. ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

198

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇති අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ දිවයිනට බලපාන වාර්ෂා පතනය හේතුවෙන් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශවල ජනතාවට ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැමිණි තිබේ.

මේ අතර කොළඹ රත්නපුර ඒ 4 ප්‍රධාන පාර අවිස්සාවේල පුවක්පිටිය පහනගාව මාර්ගය අද උදෑසන සිට ජලයෙන් යටවීමෙන් කුඩා ප්‍රමාණයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල කළේ ය.

ගංවතුර පිරි පාර ඔස්සේ බස්රථ ඇතුලු ලොරි ට්‍රක් ආදිය පමණක් ධාවනය විය. පාර දෙපැත්තේ අවිස්සාවේල්ල දෙසට සහ කොස්ගම දෙසට දිගු වාහන පෝලිම් තිබුණි.

ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට, රත්නපුර, ඇලපාත, නිවිතිගල, පැල්මඩුල්ල, කහවත්ත, කලවාන ආදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක පහත්බිම් ගංවතුරින් සහ පිටාර ජලයෙන් යටවි තිබූ අතර කලු, කුරු, වේ, දෙනවක්, හංගමු, ගලතුර, කුකුලේ ආදි වු ප්‍රධාන ගංගාවල ජලමට්ටම් සිග්‍රයෙන් ඉහළයමින් පවතී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *