විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දී ඇත.
රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.
අංජුල මහික වීරරත්න
වෙනත් පුවත්
පොහොර වංචාකරුවන් වහා අල්ලනු
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර ආයතන අටක සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට අද (10)නියෝග කළේය.
එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට ද නියෝග කළේය.
2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ රුපියල් 1100 ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා රුපියල් 2500 ක මිලකට ආනයනය කළ පොහොර පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3500කට අලෙවිකර ඇති සැකකාර පුද්ගලයන් පොහොර ගොවි ජනතාවට රුපියල් 2500 ක මිලකට ලබා දුන් බවට අඟවා සමාගම්වලට අහිමි වූ රුපියල් 1400ක මුදල නැවත රජයෙන් ලබාගෙන කෝටි ගණනින් වංචා කිරීම හා අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.



















