BREAKING NEWS
Search

සමාජ මාධ්‍ය කලබන හරිනිගේ – විජිතගේ නමින් ගැසූ මුද්දර වල සැගවුණු කතාව මෙන්න

976

අගමැතිනි ආචාර්ය හරිනි අමරසුරිය සහ ඇමැති විජිත හේරත්ගේ ඡායාරුප සහිතව ඊයේ සමරු මුද්දර දෙකක් නිකුත් කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම මුද්දර දෙක නිකුත් කර ඇත්තේ 150 වැනි තැපැල් දිනය වෙනුවෙන් පැවති උත්සවයකට සමගාමීවය.

උත්සවය පැවැතියේ අරලියගහ මන්දිරයේදීය.

මෙහිදී අදාළ මුද්දර දෙක අගමැතිවරියට සහ ඇමතිවරයාට පිළිගැන්වීම සිදුවිය.

කෙසේවෙතත් මෙලෙස ජාතික ජන බලවේගයේ දේශපාලකයන්ගේ රුව සටහන් මුද්දර නුකුත් කිරීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන සහ හාස්‍යයට ලක්කිරීම් පලවන ආකාරය දැකගත හැකිවිය.

වෙනත් පුවත්

ඇගලු‍ම් කර්මාන්තයේ කැපී පෙනෙන ඉහළ යාමක්

මෙරට ඇගලු‍ම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු කියා සිටියේ බංග්ලාදේශයේ ඇතිවූ ගැටුම් සහ එරට පවතින දේශපාලන අස්ථාවරත්වය මෙරටට ලැබෙන ඇගලු‍ම් ඇණවුම් ඉහළ යාමට හේතු වී ඇති බවට විශ්වාස කරන බවයි.

මෙම වසරේ මේ දක්වා අපනයනයන්ගෙන් 42% ඇඟලු‍ම් අපනයනයන් වන අතර, පසුගිය වසරේ මෙරට සමස්ත අපනයන්ගෙන් 42% ක්ම ඇගලු‍ම් අපනයනයන් වු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම වසරේ මුල් මාස 8 තුළදී ඇගලු‍ම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් උපයා ඇති අතර, පසුගිය වසරේ එම කාලය තුල උපයා තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක්.

කෙසේ වෙතත් මෙලෙස ඇණවුම් ඉහල යාමත් සමග ඇගලු‍ම් අපනයන ආදායම තවදුරටත් ඉහල යාම කෙරෙහි යහපත් අන්දමින් බලපානු ඇති බව ඒකාබද්ධ ඇගලු‍ම් සංගම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු සදහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *