BREAKING NEWS
Search

මහ මැතිවරණයට තැපැල් ඡන්දය පැවැත්වෙන දින ගැන නිවේදනයක්

155

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලුම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලිසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිත බවයි සඳහන්.

එමෙන්ම, අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 2024.11.01 සහ 2024.11.04 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතයි.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබා දෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024.11.07 සහ 2024.11.08 යන දෙදින නම් කර තිබෙනවා.

තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම 2024.10.16 වන දින සිදුකරන අතර, තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.10.23 දින සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම 2024.10.26 වන දින සිදුකරන අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදීමේ දින ලෙස ඔක්තෝබර් 27 සහ 31 සහ නොවැම්බර් 03 වන දින නම් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *