BREAKING NEWS
Search

හෙට වැසි වැඩි වෙයි. මේ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න – කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් පණිවිඩයක්

315

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වී හැකි බව කාලගුණ විධය දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *